
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගයක් අතරතුර අද කලාතුරකින් දැකීමට ලැබෙන සිදුවීමක් වාර්තා විය.
පන්දු යවමින් සිටියේ බංග්ලාදේශයේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් මහමුද් ය.
පන්දු යවන අන්තයේ කඩුල්ලේ රැඳී සිටියේ නවසීලන්ත පිතිකරු ඉෂ් සෝදි ය.
හසන් පන්දුවක් යැවීමට දිවඑනවාත් සමගම සෝදි සිය සීමාවෙන් ඉදිරියට ගියේය.
එය වහාම නිරීක්ෂණය කළ හසන් පන්දුව නොයවා කඩුල්ල බිඳදමා සෝදි දවාගත්තේය.
එය ක්‍රිකට් නීතිවලට අනුව නීත්‍යනුකුල දැවීයෑමක් වුවද, ක්‍රීඩාවේ ජිවගුණය ප්‍රශ්න කෙරෙන අවස්ථාවකි.
කෙසේවෙතත් මෙහිදී විනිසුරු වෙත ගිය බංග්ලාදේශ නායක ලිටන් දාස් ඉෂ් සෝදිව යළි පිතිකරණයට කැඳවීමට පියවර ගත්තේය.
පසුව සෝදි සහ හසන් එකිනෙකාව වැළඳගෙන සිදුවීම අමතක කළහ.
Ish Sodhi was run out at the non strikers end by Hasan Mahmud. The third umpire checked and gave OUT! But when Sodhi started walking out, skipper Litton Das and Hasan Mahmud called him back again. What a beautiful scene! Lovely spirit of the game. The hug at the end was wonderful… pic.twitter.com/GvrpjXcJwB
— SportsTattoo Media (@thesportstattoo) September 23, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart