
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් වෙනුවට පාන්පිටි ලබාදීමේ ආරවුලක් මත නිවසක සිටි කාන්තාවකට පහර දී රන් මාලයක් කොල්ල කෑ පුද්ගලයන් පස්දෙනකු පාදුක්ක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සති කීපයකට ඉහතදී අත්අඩංගුවට ගත් පිරිසේ එක් අයකු, පහරකෑමට ලක්වූ කාන්තාවගේ නිවසේ සිටි පුද්ගලයකුගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇත.
එලෙස මිලදී ගත් හෙරොයින් පාන්පිටි බවට තහවුරු වීමෙන් අනතුරුව මෙම ආරවුල ඇති වී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් මෙම පිරිස දේශපාලන රැස්වීමක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇති බව වැඩිදුරටත් අනාවරණය වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart