
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිසමේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සිහිකැඳවීමේ ලිපියක් යොමුකර තිබේ.
මෙම තනතුර සැළකිව යුතු කාලයක් තිස්සේ පුරප්පාඩුව පවතින බව නීතිඥ සංගමය එම ලිපියෙන් අවධාරණය කර ඇත.
මෙම කාරණය බැරෑරුම් ලෙස සැළකිල්ලට ගෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම සම්පූර්ණයෙන්ම පිහිටුවීමට අවශ්‍ය ඉතිරි සාමාජිකයා නම් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කෙරෙහි තබා ඇති මහජන විශ්වාසය ගැන සැළකිලිමත් වී, ඉතිරි පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසු සහ පිළිගත හැකි නිර්දේශයක් ලබා දෙනු ඇති බවත් 2025 අගෝස්තු 1 දිනැති ලිපියෙන් නීතිඥ සංගමය විශ්වාසය පළ කළේය.
නීතිඥ සංගමය අවධාරණය කළේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න 2025 මාර්තු 9 වැනිදා ඉල්ලා අස්වීමෙන් පසු, එම තනතුර පිරවීම සඳහා කිසිදු පත්වීමක් සිදු කර නොමැති බවයි.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ දක්වා ඇති පරිදි, සභාපතිගේ කාර්යභාරය, කොමිසමේ ඵලදායී ක්‍රියාකාරිත්වයට සහ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ මහජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා වන වරමට ඉතා වැදගත් වේ.
“සභාපතිවරයකු නොමැතිවීම කොමිසමට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමට සහ එහි රාජකාරි ඉටු කිරීමට ඇති හැකියාවට බාධා කරයි,” යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලිපියේ සඳහන් විය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලිපියට එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන අත්සන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart