
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බවට චෝදනා එල්ල වී ඇති මාතර, බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර භාගයකට ආසන්න ඉඩම සහ එහි ඇති දේපොළ සම්බන්ධයෙන් මීට පෙර පනවා තිබූ අත්හිටුවීමේ හා තහනම් කිරීමේ නියෝග නැවත සක්‍රිය කර ක්‍රියාත්මක කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝෂන් පත්‍රයක් මාර්ගයෙන් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මෙම නියෝගය නිකුත් කළේය.
එමෙන්ම, එකී ඉඩම සහ දේපොළ සම්බන්ධයෙන් නීත්‍යනුකූල හෝ සද්භාවීය හිමිකම් (Bona fide owners) ඇති වෙනත් යම් පාර්ශ්වයක් වේ නම්, ඊයේ (06) දින සිට දින 14ක් ඇතුළත ඒ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම ඉඩමේ නීත්‍යනුකූල හිමිකරු ලෙස බැසිල් රාජපක්ෂ නිල වශයෙන් අයිතිවාසිකම් නොකියන පසුබිමක, නීතිවිරෝධි වත්කම් උපයා ගැනීමේ විමර්ශනවලට අදාළව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා අධිකරණයෙන් මෙම නියෝගය ලබාගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධි ලෙස වත්කම් අත්පත් කරගැනීමේ පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන පුළුල් විමර්ශනවලට අදාළව මෙම පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart