
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රනිල් වික්රමසිංහ මීළඟ ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කරවීම සඳහා නිමල් ලාන්සා මන්ත්රීවරයාගේ ප්රමුඛත්වයෙන් පිහිටුවා ඇති දේශපාලන සන්ධානය විසුරුවා හැරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පසුගියදා ජනාධිපතිවරයා සමග පැවැති විශේෂ හමුවේදී බව පැවසේ.
එලෙස නව සන්ධානය විසුරුවා හරින්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයකදී පොදුජන පෙරමුණ රනිල් වික්රමසිංහගේ අපේක්ෂකත්වය සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවටද බැසිල් රාජපක්ෂ අනපේක්ෂිත ලෙස කැමැත්ත දක්වා ඇති බව වාර්තා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂගේ මෙම යෝජනාවට හේතුවී ඇත්තේ, මේ වන විට බෙදීම්වලට ලක්වෙමින් පවතින පොදුජන පෙරමුණ නැවත ශක්තිමත් කරගැනීමයි.
නව සන්ධානය පිටුපස සිටින්නේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලාන්සාය.
ඔහු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හතළිස් දෙනෙකුගෙන් පමණ සහයෝගය ලබාගැනීමට සාර්ථකව කටයුතු කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යාලයක සිට ක්රියාත්මක වූ ඔහු තවදුරටත් පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් රනිල් පාර්ශවයට හරවාගැනීමේ උත්සාහයේ නිරත වෙමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart