
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ වාර මඟහරිමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව සහ මාතර මහේස්ත්‍රාත් අධිකරණ මඟින් වරෙන්තු නිකුත් කර ඇත.
මාතර එළියකන්ද පාරේ පිහිටි රුපියල් මිලියන ගණනක් වටිනා ඉඩමක් අයථා මුදල්වලින් මිලදී ගැනීම සහ 2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක් වැයකර මැතිවරණ ප්රචාරක ටී-ෂර්ට් මුද්‍රණය කිරීම යන චෝදනා මත CID සහ FCIDය ගොනුකළ නඩු දෙකක් කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණයේ පෙනීනොසිටීම නිසා මෙම වරෙන්තු නිකුත් කෙරිණි.
නඩු විභාගයන්හිදී සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයා බරපතළ ලෙස රෝගාතුරව විදේශගතව සිටින බවයි.
ඔහුට ලංකාවට පැමිණීමට ටිකට්පත් වෙන් කළද, ගුවන් යානය තුළදී සෞඛ්‍ය තත්ත්වය බරපතළ විය හැකි බැවින් කිසිදු ගුවන් සමාගමක් ඔහුගේ වගකීම භාරගැනීමට එකඟ නොවන බව නීතිඥවරයා සඳහන් කළේය.
කෙසේවෙතත්, සැකකරු දිගින් දිගටම අධිකරණය මඟහරිමින් සිටින බව නිගමනය කළ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග දිසානායක සහ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළහ.
මින් සංචාරක කාර්යාංශ නඩුව ලබන ජූලි 21 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart