
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල, බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 12.79% ක් දක්වා පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය සතියේ දී එම අනුපාතිකය 13.03% ක් ලෙසින් පැවති බව වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
මීට වසරකට පෙර මෙම අනුපාතිකය 28.51% ක් තරම් ඉහළ අගයක් විය.
මේ අනුව, බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකයන් 13% මට්ටමෙන් මෙපිටට පැමිණ ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
එහිදී, මහජන බැංකුව 12.59%, කොමර්ෂල් බැංකුව 12.95%, යූනියන් බැංකුව12.77% හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 12.90% ලෙසින් 13% සීමාවට මෙපිටින් බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකයන් පවත්වාගෙන ගිය දේශීය වානිජ බැංකු ලෙසින් දක්වා ඇත.
මේ අතර මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික වානිජ බැංකුවක් වන HSBC බැංකුවේ මෙම අනුපාතිකය 11.41% ක් තරම් පහළ අගයක් වේ.
මීට අමතරව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව 12.95%, සිටි බැංකුව 12.75%, ඉන්දීය රාජ්‍ය බැංකුව 12.14% හා පබ්ලික් බැංකුව 12.55% ක් ලෙසින් පහළ බරිත සාමාන්‍ය පුමුඛ ණය අනුපාතිකයන් පවත්වාගෙන ගිය සෙසු විදේශීය බැංකු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart