
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 වසරේ මුල් මාස අටහමාර තුළ පමණක් බංග්ලාදේශ බන්ධනාගාර තුළ සිරකරුවන් 132 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියයාමේ පුවතත් සමඟ, එරට බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු පිළිබඳව යළිත් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
සිරකරුවන්ගේ අධික තදබදය, සෞඛ්‍ය පහසුකම් මන්දගාමී වීම සහ රැඳවියන්ගේ ආරක්ෂාව පිළිබඳ රජයේ වගකීම සම්බන්ධයෙන් මෙහිදී බරපතල ප්‍රශ්න මතුව ඇත.
විදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, ඇතැම් දිනවල වාර්තා වන මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇත. සැප්තැම්බර් මාසයේ මුල් දින 15 තුළ පමණක් රෝගාබාධ හේතුවෙන් රැඳවියන් 10 දෙනෙකු මියගොස් තිබේ.
Ain o Salish Kendra සංවිධානයට අනුව ජනවාරි – අගෝස්තු කාල සීමාවේදී මරණ 79 ක් වාර්තා වී ඇත. (මෙසේ මියගිය පිරිසෙන් 47 දෙනෙකුම නඩු විභාග වෙමින් පැවැති සැකකරුවන් වන අතර, වැඩිම මරණ සංඛ්‍යාවක් වන 44 ක් වාර්තා වන්නේ ඩකා කලාපයෙනි).
හිටපු බන්ධනාගාර පරීක්ෂක ජෙනරාල් සයිඩ් මොහොමඩ් මොතහර් හොසේන් සඳහන් කළේ අගෝස්තු 18 වන විට මරණ 122 ක් සිදුව ඇති බවයි.
බන්ධනාගාර සෞඛ්‍ය සේවයේ කිසිදු නොසැලකිලිමත්කමක් සිදු නොවූ බවත්, විශේෂිත රෝහල්වල රැඳවියන් 122 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. (2025 වසරේදීද මෙලෙස රෝගාබාධ නිසා සිරකරුවන් 187 දෙනෙකු මියගොස් තිබුණි).
රැඳවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ හදිසි අවස්ථාවලදී ඔවුන්ගේ ඥාතීන්ට නිසි ලෙස තොරතුරු ලබා නොදීම, සිරකරුවෙකුට හිමිවිය යුත්තේ නිදහස අහිමි වීමේ දඬුවම පමණක් වුවද, පවතින පහසුකම් නොමැතිකම නිසා එය ජීවිත හානියෙන් කෙළවර වන ඛේදවාචකයක් බවට පත්වීම සම්බන්ධයෙන් ද බලධාරීන්ට චෝදනා එල්ල වෙමින් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart