
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේ ධුරයෙන් පහකරන ලද හිටපු අගමැතිනිය වන ෂෙයික් හසීනාගේ සමීප හිතවතෙකු වූ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
දැඩි සෞඛ්‍ය ගැටලු හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බව උපුටා දක්වමින් ඔහුගේ කාර්යාලය අද නිවේදනය කළේය.
76 හැවිරිදි ෂහාබුදීන් 2023 අප්‍රේල් මාසයේ සිට බංග්ලාදේශයේ ප්‍රධාන වශයෙන් නාමික තත්ත්වයේ පවතින ජනාධිපති ධුරය දැරීය. 2024 වසරේදී ශිෂ්‍ය නැගිටීම් හමුවේ හසීනා ඉන්දියාවට පලා යාමෙන් පසුව ඇති වූ දේශපාලන නොසන්සුන්තා කාලපරිච්ඡේදය පුරාම ඔහු එම ධුරයේ කටයුතු කළේය.
“මෑතකදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී මට Autonomic Neuropathy නමැති රෝගී තත්ත්වය වැළඳී ඇති බව හඳුනාගෙන තිඛෙනවා. මෙම තත්ත්වය නිසා මට යම් යම් අවස්ථාවලදී ක්ෂණිකව සිහිය නැතිවීමේ තත්ත්වයක් ඇතිවෙනවා,” යනුවෙන් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.
2024 ශිෂ්‍ය නැගිටීම් හමුවේ හසීනාගේ රජය පෙරළා දැමීමෙන් පසු ඇගේ අවාමි ලීග පක්ෂය තහනම් කෙරුණු අතර, එහි නායකයින් සහ ක්‍රියාකාරීන් රැසක් සිරගත කරනු ලැබීය. නැතහොත් සැඟවී සිටීමට සිදු විය. මෙලෙස ෂහාබුදීන් ඉල්ලා අස්වීමත් සමග, නැවත පැමිණීමට අපේක්ෂාවෙන් සිටින හසීනාට බංග්ලාදේශයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සිටි එකම හිතවතාද අහිමි වී යයි.
නව ජනාධිපතිවරයෙකු තේරී පත්වන තෙක් ජාතික පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කරනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මිලියන 173ක ජනගහනයක් වෙසෙන බංග්ලාදේශයේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා සන්නද්ධ හමුදාවල ප්‍රධානියා වන නමුත්, විධායක බලය පවතින්නේ අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය සතුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart