
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයේ පවතින ඩෙංගු උවදුර මැඩලීම සඳහා ශ්‍රී ලංකාව ඩෙංගු මර්ධනයට හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ, දැනට පවතින ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් ක්රමෝපායන් ගෙනහැර දැක්වීම සඳහා අදාළ පාර්ශ්වකරුවන් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදීය.
නව සැලැස්ම යටතේ අයවැය ප්‍රතිපාදන මගින් ඩෙංගු පරීක්ෂණ කට්ටල ලබාගැනීමට නියමිත අතර, සෞඛ්‍ය සේවකයින්ට ඩෙංගු ප්‍රතිකාර හා වැළැක්වීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට එම ක්රමෝපායන් හරහා යෝජනා කර තිබේ.
පළාත් පාලන ආයතන, ආගමික නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන, ශිෂ්‍යභටයින් සහ තරුණ ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත සම්බන්ධීකරණ කණ්ඩායමක් හරහා ජනතාව දැනුවත් කිරීමට ද සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart