
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශසීමා හරහා ඉදි කර ඇති නල මාර්ගයක් ඔස්සේ ඉන්දියාවෙන් අතිරේක ඩීසල් ටොන් 5,000ක් ලබා ගැනීම බංග්ලාදේශය ආරම්භ කර තිබේ.
ස්ථාවර ඉන්ධන සැපයුමක් සහතික කිරීමේ අරමුණින් සිදු කෙරෙන අඛණ්ඩ ඉන්ධන ආනයනය කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, මෙම නව තොගය පර්බතිපූර් පද්මා ඔයිල් (Parbatipur Padma Oil) ඩිපෝව වෙත ලබා දෙමින් පවතී.
”ඉන්දියා-බංග්ලාදේශ මිත්‍රත්ව නල මාර්ගය හරහා ඉන්දියාවේ සිට තවත් ඩීසල් ටොන් 5,000ක් පර්බතිපූර් පද්මා ඔයිල් ඩිපෝව වෙත ලැබීම ආරම්භ වී තිබේ” යැයි එම ඩිපෝවේ කළමනාකාර එම්.ඩී. අහ්සාන් හබීබ් චෞද්රි උපුටා දක්වමින් ඩකා ට්‍රිබියුන් පුවත්පත වාර්තා කළේය.
ඩකා ට්‍රිබියුන් පුවත්පතට අනුව අප්‍රේල් 16 වන දින උදෑසන සිට පර්බතිපූර් දුම්රිය අංගණයේ පිහිටි ඩිපෝව වෙත මෙම නවතම තොගය ලැබීම ආරම්භ වී තිබේ.
අමාත්‍යාංශ නිලධාරීන්ට අනුව, මාර්තු මාසයේදී ලැබුණු ටොන් 22,000ක සැපයුමෙන් පසුව, අප්‍රේල් 14 වන දින ඉන්දියාවේ නුමාලිගාර් සිට තවත් ඩීසල් ටොන් 8,000ක් පර්බතිපූර් ඩිපෝව වෙත ලැබී තිබුණි.
මුලාශ්‍ර සඳහන් කරන පරිදි, මාර්තු මාසයේ සිට අප්‍රේල් 14 දක්වා කාලය තුළ නුමාලිගාර් සිට පර්බතිපූර් ඩිපෝව වෙත ලැබී ඇති මුළු ඩීසල් ප්‍රමාණය ටොන් 30,000 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart