
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි අතිශය ජනප්‍රිය රාත්‍රී විනෝදාස්වාද මධ්‍යස්ථානයක අද අලුයම හටගත් දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 63 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බැංකොක් නුවර උතුරු ප්‍රදේශයට වන්නට පිහිටි චතුචක් දිස්ත්‍රික්කයේ පිහිටි ‘Rong Beer Na Lat Phrao’ නමැති ජනප්‍රිය රාත්‍රී සමාජශාලාව තුළ එරට වේලාවෙන් ඊයේ (ඉරිදා, 12) රාත්‍රී 11:57 ට පමණ මෙම ගින්න හටගෙන තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී එහි විශාල පිරිසක් රැඳී සිට ඇති අතර, ඉදිරිපස දොරටුවෙන් දැවැන්ත ගිනිදැල් සහ ඝන කළු දුමාරය පිටතට ඇදී එන ආකාරයත්, භීතියට පත් පිරිස් එකිනෙකා මත ඇදවැටෙමින් දිව යන ආකාරයත් දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
මෙම අනතුරෙන් මියගිය පිරිස අතර පිරිමින් 9 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු වන අතර, තුවාල ලැබූවන්ගෙන් 22 දෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරින් ප්‍රකාශ කර තිබේ.
අනතුර සිදුවූ ස්ථානයට වහාම ළඟා වූ තායිලන්ත අග්‍රාමාත්‍ය Anutin Charnvirakul මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ගොඩනැගිල්ල තුළ සිරවූ බොහෝ පිරිසක් මියගොස් ඇත්තේ පිටුපස වැසිකිළි දෙසට පලායාමට උත්සාහ කිරීමේදී අධික දුමාරය ආග්‍රහණය කිරීමෙන් බවයි.
ප්‍රසංගයක නිරත වෙමින් සිටි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් අනාවරණය වූ තොරතුරුවලට අනුව, වේදිකාව අසල තිබූ විදුලි පරිපථයක මුලින්ම දුමාරයක් මතුවී ඇති අතර, පසුව ක්ෂණිකව විදුලිය විසන්ධි වී විශාල පිපිරීමක් සමඟ මුළු පරිශ්‍රයම ගින්නෙන් වෙළී ගොස් තිබේ.
ගිනි නිවන භටයන් 40කට අධික පිරිසකගේ දැඩි පරිශ්‍රමයකින් විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළ ගින්න පාලනය කිරීමට හැකි වුවද, ගොඩනැගිල්ලේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බලධාරීන් පෙන්වා දෙන්නේ, ගොඩනැගිල්ලේ අභ්‍යන්තර සැරසිලි සඳහා භාවිතා කර තිබූ වහා ඇවිලෙනසුලු ද්‍රව්‍ය හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති බවයි.
එසේම රාත්‍රී සමාජශාලාවේ හදිසි පිටවීමේ දොරටු අසළ වෙළඳ කුටි මඟින් අවහිර කර තිබීම නිසා ජීවිත බේරා ගැනීමට තිබූ අවස්ථා මගහැරී ගොස් ඇති බවට ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
මෙම ඛේදවාචකයත් සමඟ තායිලන්තයේ රාත්‍රී සමාජශාලාවල පවතින දුර්වල ආරක්ෂණ ක්‍රමවේද සහ ගොඩනැගිලි රෙගුලාසි උල්ලංඝනය කිරීම් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මෙය 2009 වසරේදී පුද්ගලයන් 66 දෙනෙකුට ජීවිත අහිමි කළ සන්තිකා ක්ලබ් ගින්නෙන් පසුව බැංකොක් අගනුවර සිදුවූ දරුණුතම සහ මාරාන්තිකම අනතුර ලෙස ඉතිහාසයට එක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart