
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් දැනුම්දීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.
වසර තුනකට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අළුත්වැඩියා කිරීමට ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
ඒ යටතේ වැඩ නිමකෙරුණු බස් රථ 175ක් මෙලෙස භාරදෙනු ලැබූ අතර, මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශයේ ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් අදාළ අළුත්වැඩියා කටයුතු සිදු කර තිබේ.
මෙම බස්රථ 175 න් 15ක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා “සිසු සැරිය” වැඩසටහනට ලබාදීමට නියමිත අතර, අනෙක් බස් රථ මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදාගැනීමට අදාළ ඩිපෝ වෙත භාරදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart