
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ දාරළුව ප්‍රදේශයේ ඉදිකිරීම් අවහිර කළ ශ්‍රී ලංකාවට ආවේනික පඬුකරඳ ගස (Crudia zeylanica) කෙටි කාලයක් තුළ ඉවත් කළේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධනගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ඇමැති බන්දුල ගුණවර්ධන එහිදී පැවසුවේ, ගස ඉවත් කිරීමට ගත් කැබිනට් මණ්ඩල තීරණය ක්‍රියාත්මක කළ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවය හේතුවෙන් මෙම ගස මෙතරම් ඉක්මණින් ඉවත් කළ බවයි.
“ඇමතිතුමනි, ඔබතුමා මේ ගහ කපාගෙන මේ තරම් ඉක්මනින් අතුරුදන් කළේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?” විමල් වීරවංශ විමසුවේය.
කැබිනට් මණ්ඩල තීරණයක් ගත් වහාම එය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවය බව ගුණවර්ධන ඇමැතිවරයා පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart