
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.
2023 වසරේ ජනවාරි 21 වන දින අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබීය.
ඒ අනුව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය යහපත් ප්‍රතිචාරය දක්වා තිබිණි.
පාපන්දු නිලවරණය පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත්තේ ඒ අනුවය.
ශ්‍රී ලංකා දැක්වු යහපත් ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් සළකා බලා ඊයේ (27) අදාළ තීරණය ගත් බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසා ඇත.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29වැනිදා පවත්වන බවට මෙරට ක්‍රීඩා බලධාරීන් පොරොන්දු වී තිබේ.
එතෙක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මෙරට පාපන්දු තහනම ඉවත්කරමින් නිකුත් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart