
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute (GGGI) හි සභාපති, බෑන් කී මූන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර 2024.04.04 දින දකුණු කොරියාවේ සෝල් (Seoul) හිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාව සමඟ ඇති සමීප සහයෝගීතාවය අගය කළ බෑන් කී මූන් ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත වර්ධන ආයතනය ( GGGI) අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතා ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව සහ විවිධ අංශ හරහා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අවස්ථා ගවේෂණය කිරීමට සහතික විය.
“පුනර්ජනනීය බලශක්තිය, තිරසාර ප්‍රවාහනය සහ අපේ නගර හරිතකරණය කිරීම සඳහා මැදිහත්වීම් තුළින් වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා ශ්‍රී ලංකා රජය සංක්‍රමණය වීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයා සමඟ පැවසීය.
දූපත් රටක් වශයෙන් අප දේශගුණික බලපෑම්වලට ගොදුරුවීමට අතිශයින් ඉඩ ඇති අතර එම බලපෑම්වලින් අපගේ ජනතාව සහ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් රජයේ මෙම හරිතකරණයේ වර්ධන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ගෝලීය හරිත වර්ධන ආයතනය සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇතිකර ගැනීම ගැන සතුටු වන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ගෝලීය හරිත වර්ධන ආයතනය සභාපති බෑන් කී මූන් මහතා පැවසුවේ ශ්‍රී ලංකා රජය සමඟ එහි පරිසර අමාත්‍යාංශය ඇතුළු ව ගෝලීය හරිත වර්ධන ආයතනයේ සමීප හවුල්කාරිත්වය සහ හරිත හා තිරසාර අනාගතයක් සඳහා වන පොදු ප්‍රයත්නය තමන් අවංකව ම අගය කරන බව යි. දේශගුණික න්‍යාය පත්‍රය සඳහා අපගේ සහයෝගීතා ප්‍රයත්නයන් ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් දේශගුණික විපර්යාස හමුවේ ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීම ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැ යි උද්‍යෝගිමත් උපදේශකයකු ලෙස සතුටට පත් වන බව ඔහු තවදුරටත් පැවසී ය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, අනූප පැස්කුවෙල්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මෙම සාකච්ඡා සඳහා සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart