
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 06 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද(11) නියෝග කළේය.
එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්ර යළි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණය මේ බව දැනුම්දුන්නේය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්රියන්ත ප්රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart