
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුප්පියක් උගුරේ සිරවී බිළිඳියක මියගිය පුවතක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
අකුරැස්ස -තලහගම මාකදුර ප්‍රදේශයේ අවුරුදු 01 දින 15ක් වයසැති දැරියක මෙලෙස මිය ගොස් තිබේ.
සිද්ධාලේප කුප්පියක් උගුරේ සිරවීමෙන් පසු බිළිඳිය ආඳපාන රෝහලට ඇතුළත් කළත් ඇයගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබී නැත.
මේ අතර දහම් පාසල් විවේක කාලයේදී ආහාරයට ගත් කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවීමෙන් දොම්පේ ප්‍රදේශයේ 08 හැවිරිදි පාසල් දැරියක්ද මරණයට පත්වී ඇත.
සිද්ධියෙන් පසු දහම් පාසලේ ගුරුවරුන් ඇයව කඩිනමින් දොම්පේ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
ශ්වසනය ලබාදී පසුව ගම්පහ මහ රෝහලට මාරු කර යැවූ දැරිය දින 05ක් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ජිවිතක්ෂයට පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart