
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනාවී තිබියදී, ඊට සාක්ෂි ලබාදීමට රහස් හෙළිකරන්නා වන අසාද් මවුලානා ඉදිරිපත් වී තිබේ.
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අතුරු වැඩසටහනක් අතරතුර ප්‍රකාශයක් කරමින් මවුලානා පවසා ඇත්තේ, තමා අන්තර්ජාතික ස්වාධීන පරීක්ෂණයක් ඉදිරියේ සාක්ෂි ලබාදීමට සූදානම් බවයි.
තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (TMVP) හි හිටපු ප්‍රකාශක මවුලානා සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, සැප්තැම්බර් 05වැනි දින බ්‍රිතාන්‍ය චැනල් 4 විසින් විකාශනය කරන ලද “Sri Lanka’s East Bombings” වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාව කෙරෙහි සැළකිව යුතු උනන්දුවක් ඇති කර තිබෙන බවයි.
“විවිධ ලිපි සහ කතුවැකි ලියා ඇති අතර, වාර්තා චිත්‍රපටය අන්තර්ජාතික ස්වාධීන පරීක්ෂණයක් සඳහා යම් සහයෝගයක් ජනනය කර තිබෙනවා. කටකතා සහ ව්‍යාජ ප්රවෘත්ති රාශියක් පළ කර ඇති අතර, මගේ බිරිඳට සහ දරුවන්ට පවා මඩ ගසා ඔවුන්ගේ පින්තූර සමාජ මාධ්‍යවල පළකර තිබෙනවා” යැයි අසාද් මවුලානා පවසා තිබේ.
“ඇත්තටම මම කවදාවත් ආයුධ පාවිච්චි කරන්න පුරුදු වෙලා නැහැ. මගේ ස්ථාවරය නිසා, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්රහාරයන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය සමයේ සිදුවූ දේශපාලන ඝාතන රැසකට අදාළ වැදගත් සහ රහසිගත තොරතුරු වෙත ප්‍රවේශ වීමට මට හැකි වුණා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart