June 29, 2026

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ලංකා අයි.ඕ.සී. සහ සිනොපෙක් සමාගම් ද ඇතුළුව) අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 382කි.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 414ක් වෙයි.

කෙසේවෙතත්, ලංකා සුපිරි ඩීසල්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

සංශෝධිත නව මිල ගණන් පහත පරිදි වේ:

ලංකා ඔටෝ ඩීසල්: රු. 382 (රුපියල් 25කින් අඩුකර ඇත)

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්: රු. 414 (රුපියල් 20කින් අඩුකර ඇත)

ලංකා සුපිරි ඩීසල්: රු. 478 (මිල වෙනස් වී නැත)

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන්: රු. 478 (මිල වෙනස් වී නැත)

භූමිතෙල්: රු. 285 (මිල වෙනස් වී නැත)