
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය වන මයිල්ස් ෆ්‍රෑන්ක්ලින් සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියක් දිනාගෙන ඇත.
ඕස්ට්‍රේලියානු-දෙමළ නීතීඥ ශංකරි චන්ද්‍රන් වන ඇය විසින් රචිත “Chai Time at Cinnamon Gardens” නවකතාව වෙනුවෙන් ඩොලර් 60,000ක සාහිත්‍ය සම්මානය මෙසේ ලැබී තිබේ.
මෙම නවකතාව ‘ඕස්ට්‍රේලියානු වීම’ යන්නෙහි තේරුම ගවේෂණය කරන නවකතාවකි.
අසූව දශකයේ දී සිවිල් යුද්ධයෙන් බේරීමට රටින් පළාගිය ශ්‍රී ලාංකිකයෙක් විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයක පවත්වාගෙන ගිය වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක පදිංචිකරුවන්ගේ ජීවිත පිළිබඳව මෙහි සඳහන් වේ.
යුද්ධය, ජන සංහාරය, ජාතිවාදය, පවුල, ආදරය මෙන්ම මිත්‍රත්වය යන තේමාවන් ද මෙහි ගවේෂණය කර ඇත.
වෛද්‍යවරුන්වන ඇයගේ දෙමව්පියන් සිවිල් යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට පළාගොස් ඇති අතර, ඉන් පසුව ඕස්ට්‍රේලියාව වෙත ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart