
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔස්ට්‍රේලියානු පන්ති කාමර තුළ පවතින විනය පිරිහීම, සිසුන් පාසල් නොපැමිණීම සහ ඩිජිටල් උපාංග නිසා අවධානය ගිලිහී යාම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී ඇති අතර, නවතම ජාත්‍යන්තර PISA (Programme for International Student Assessment) වාර්තාවට අනුව ලොව වැඩිම පන්ති කාමර බාධා කිරීම් සිදුවන රටවල් අතරට ඔස්ට්‍රේලියාව ද එක්ව තිබේ.
ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය මඟින් 2025 වසරේදී පවත්වන ලද මෙම සමීක්ෂණය සඳහා රටවල් සහ ආර්ථික කලාප 91 ක වයස අවුරුදු 15 ක සිසුන් එක් කරගෙන ඇත.
පන්ති කාමරවල පවතින විනයගරුක පරිසරය අනුව ඇගයීමට ලක්කළ අධ්‍යාපන පද්ධති 80 අතුරින් ඔස්ට්‍රේලියාව හිමිකරගෙන ඇත්තේ 69 වන ස්ථානයයි. එය පෙර ඇගයීම්වලට සාපේක්ෂව යම් වර්ධනයක් පෙන්නුම් කළද, තවමත් පවතින්නේ පසුගාමී මට්ටමකය.
වාර්තාවේ සඳහන් පරිදි, ඔස්ට්‍රේලියානු සිසුන්ගෙන් 41% ක්ම ප්‍රකාශ කර ඇත්තේ බොහෝ හෝ සියලුම විද්‍යා පාඩම් අතරතුර පන්තිය තුළ අධික ශබ්දය සහ නොසන්සුන්කාරී බවක් පවතින බවයි. එසේම, සිසුන්ගෙන් 34% ක් සිය පන්ති සගයන් ගුරුවරුන්ට සවන් නොදෙන බව පවසා ඇති අතර, 21% ක් ප්‍රකාශ කර ඇත්තේ පන්තියේ පවතින බාධා කිරීම් නිසා බොහෝ පාඩම් වෙලාවන්හිදී නිසි ලෙස අධ්‍යයන කටයුතුවල නිරත වීමට නොහැකි වන බවයි.
ඩිජිටල් උපාංග මඟින් සිදුවන බාධා කිරීම් ද මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. ඔස්ට්‍රේලියානු සිසුන්ගෙන් 39% ක්ම සඳහන් කර ඇත්තේ විද්‍යා පාඩම් අතරතුර පන්ති සගයන් ඩිජිටල් උපාංග භාවිත කිරීම නිසා නිතර අවධානය බිඳවැටෙන බවයි.
ඔස්ට්‍රේලියානු සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා පන්තිය තුළදී දිනකට සාමාන්‍යයෙන් පැය 2.6 ක් ඩිජිටල් උපාංග භාවිත කරන බව ද මෙහිදී අනාවරණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart