
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකට 34 හැවිරිදි ඕස්ට්‍රේලියානු කාන්තාවක් පරිත්‍යාග ලබාගැනීම සඳහා ඇගේ කුඩා දියණියට වධහිංසා පමුණුවා දැරිය ඉමහත් පීඩාවෙන් හා වේදනාවෙන් පසුවන අයුරු දැක්වෙන ඡායාරූප ගත් බවට චෝදනා එල්ල වී තිබේ.
සැකකාරිය GoFundMe හරහා ඩොලර් 60,000 ක් උපයමින් පරිත්‍යාගශීලීන් වංචාවකට කළ බවට ද ඇයට චෝදනා එල්ල වේ.
ක්වීන්ස්ලන්තයේ පදිංචිකාරියක් බව පැවසෙන එම කාන්තාව, බ්‍රිස්බේන් හි ලෝගන් හිදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, හානියක් කිරීමේ චේතනාවෙන් වස පානය කරවීමට සැලැස්වීම, දියණියට හිංසා කිරීම සහ වංචා කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ.
භයානක අපරාධයක් සිදුකිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී ඇතැයි සඳහන් වේ.
පොලිසිය චෝදනා කරන්නේ, කුඩා දැරිය දැඩි ලෙස රෝගාතුර වී සිටින බවයි.
ඇය තවදුරටත් සැකකාරියගේ රැකවරණයේ සිටියේ නම් මියයෑමට පවා ඉඩ තිබූ බව පොලීසිය පවසයි.
දරුවා මේ වනවිට රෝහල්ගත කර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවත් පොලීසිය ජනමාධ්‍ය වෙත පවසා තිබේ.
දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, පසුගිය වසරේ අගෝස්තු මස 6 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තුළ මෙම කාන්තාව වෛද්‍ය අනුමැතියකින් තොරව, සිය අවුරුද්දක් වයසැති දියණියට විවිධ ඖෂධ ලබාදී ඇති බවයි.
එමෙන්ම සැකකාර කාන්තාව වෛද්‍ය උපදෙස් නොසළකා හැර, අනවසර ඖෂධ ලබාගැනීමට බොහෝ වෙහෙස වී ඇති බවත්, ඇය නිවසේ සිටි වෙනත් පුද්ගලයෙකුට නියම කරන ලද පැරණි ඖෂධ ද දරුවාට ලබා දී ඇති බවත් පොලීසිය චෝදනා කරයි.
මුදල් පරිත්‍යාග සහ සමාජ මාධ්‍ය අනුගාමිකයින් පොළඹවා ගැනීම සඳහා සැකකාර කාන්තාව ඉමහත් වේදනාවෙන් සහ පීඩාවෙන් සිටින තම දරුවාගේ ඡායාරූප සහ වීඩියෝ ලබාගත් බවට චෝදනා එල්ල වේ.
සැකකාර කාන්තාව හෙට බ්‍රිස්බේන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart