
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේමියන් මාටින් කෝමා තත්ත්වයකින් ක්වීන්ස්ලන්ත රෝහලක සිටින බව වාර්තා වේ.
54 හැවිරිදි ඔහු පසුගිය සිකුරාදා නිවසේ දී අසනීප වී වහාම රෝහල් ගත කරන ලදී.
සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පතට අනුව, ඔහුට මෙනින්ජයිටිස් ඇති බව හඳුනාගෙන ඇත.
මෙම රෝගය මොළයේ ඉදිමීමට හේතු විය හැකි අතර එම නිසා වෛද්‍යවරු ඔහුව කෝමා තත්ත්වයට පත්කර ඇත.
හිටපු ඕස්ට්‍රේලියානු පාපන්දු තරුවක් වන බ්‍රැඩ් හාඩි සිය 6PR ගුවන් විදුලි වැඩසටහනේදී මෙම පුවත සඳහන් කර තිබිණි.
“බටහිර ඕස්ට්‍රේලියානු ඩේමියන් මාටින්, අපූරු පිතිකරුවා … අවාසනාවකට බොක්සිං ඩේ එකේදී අසනීප වෙලා දැනට ක්වීන්ස්ලන්ත රෝහලක සිටිනවා, ඔහු තම ජීවිතය වෙනුවෙන් සටන් කරන්න සූදානම්. ඔහු වෙනුවෙන් සෑම කෙනෙකුම ආශිර්වාද කරන්න, එම ධනාත්මක සිතුවිලි නිසැකවම ඔහුට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දෙවියන් වහන්සේ ඔහුට ශක්තිය ලබා දෙත්වා,” හාඩි පැවසීය.
හිටපු ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩක රොඩ්නි හොග් ද ගුවන් විදුලි වැඩසටහනට එක්වෙමින් “ඒක කම්පන සහගත පුවතක්,” යැයි පැවසීය.
54 හැවිරිදි මාටින්, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින සහ ටෙස්ට් යන ක්‍රිකට් ආකෘති දෙකෙහිම සුවිශේෂී ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළ හිටපු ක්‍රීඩකයෙකි.
ඔහු ජාතික කණ්ඩායම සමඟ 1999 සහ 2003 එක්දින ලෝක කුසලාන ජයග්‍රාහී මාවතට පිවිසි අතර, 2003 දී ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 88ක් ලබා ගනිමින් තරඟාවලියේ අවසන් මහා තරඟයේ වීරයා විය.
2006-07 අළු බඳුන තරගාවලිය මැදදී ඔහු හදිසියේම විශ්‍රාම ගිය අතර එතැන් සිට සාපේක්ෂව අඩු පර්සිද්ධියක් පවත්වා ගෙන යයි.
මාටින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 67ක් සහ එක්දින අන්තර්ජාතික තරග 208ක් මෙන්ම T 20 අන්තර්ජාතික තරග හතරක් ක්‍රීඩා කළේය.
ඔහු ටෙස්ට් තරගවලදී 46.37ක සාමාන්‍යයක් සහ එක්දින තරගවලදී 40.80ක සාමාන්‍යයක් ලබා ගත් අතර ඔහුගේ යුගයේ වඩාත්ම විනෝදජනක පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart