
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් තිළිණ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් විසින් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැති ක්ලෙයාර් ඔනීල් (Clare O’Neil) විසින් ලබාදී ඇති, බීච් ක්‍රාෆ්ට් (Beechcraft KA350) වර්ගයේ මෙම ගුවන් යානයට අදාළ නිල ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇත.
Beechcraft KA350 King Air යනු නවීන ද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයකි.
“මෙම ත්‍යාගය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කර ගැනීමේ හැකියාව ශක්තිමත් කරනු ඇත. එය අන්තර්ජාතික අපරාධ මැඩලීමේ අපගේ සමීප සහයෝගීතාවයේ තවත් විදහා දැක්වීමකි” යැයි මහ කොමසාරිස්වරයා සිකුරාදා (12) ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart