
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සී කොන්සෝටියම් ලංකා (පෞද්ගලික සමාගම) අතර හුවමාරු වූ නමුත් පසුව මකාදැමූ විද්‍යුත් තැපැල් පණිවිඩ පිළිබඳ වෝහාරික විගණන වාර්තාවක් සිදුකිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව පිළිගත් අන්තර්ජාතික සංවිධානයක සහාය ලබාගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ වෝහාරික විගණනය සිදුකිරීමට හැකියාවක් නොමැති බව පැවසීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.
විගණනය සිදුකිරීම සඳහා සුදුසු අන්තර්ජාතික ආයතනයක් තෝරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපති පාරින්ද රණසිංහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන වෙත දැනුම් දී ඇත.
X-Press Pearl නෞකාව 2021 වසරේදී මුහුදුබත් වීමෙන් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් එහි හිමිකරුවන් සහ ඊට සම්බන්ධ පාර්ශවයන් ඩොලර් බිලියනයක වන්දියක් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුව මෙම පියවර ගෙන තිබේ.
මෙහි පසු විපරම් ක්‍රියාව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබයි.
මේ අතර ඉදිරි විමර්ශන කඩිනම් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී චන්දිම අරුමප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ද පත්කර තිබේ.
අධිකරණ නියෝගයෙන් පසුව, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය දැනට පවතින නීතිවලට අවශ්‍ය සංශෝධන පිළිබඳව සොයාබලයි.
පරීක්ෂණ කඩිනම් කර මාස තුනකදී එහි කටයුතු අවසන් කරන ලෙස නීතිපති උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart