
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිහින්තලය නගරයේ පිහිටි ඓතිහාසික මිහින්තලා පුදබිමට අයත් රාජ්‍ය පරිපාලන ගොඩනැඟිල්ලක් සම්බන්ධයෙන් මතුව ඇති කරුණක් මුල්කර ගනිමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ රියැදුරුට ඊයේ (4දා) අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය ඉදිරියේ පෙනීසිටින ලෙස අනුරාධපුර පොලිසිය විසින් දැනුම් දී තිබිණි.
එම දැනුම්දීම අනුව රියැදුරු ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත්, ඉන් අනතුරුව තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවටත් නායක හිමියෝ පවසති.
පසුගිය දින කිහිපය තුළ වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දරුවන් හා දෙමව්පියන් වෙනුවෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම ඉඩම සම්බන්ධයෙන් මුදල් ලබාගත් බවට යූටියුබ් නාලිකාකරුවකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව අනුරාධපුර පොලිසිය මෙම කැඳවීම සිදු කර ඇති බව ද උන්වහන්සේ පවසති.
“යූටියුබ්කරුවා ගෙන්වා අහන්න, කොහෙන්ද කූට ලේඛන හදලා තියෙන්නේ? කවුද කෝටි පහක් දුන්නේ? මොනවටද ඒ මුදල් වියදම් කරලා තියෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් ලිඛිතව භාරදීලා තිබෙනවා. ඒ මුදල් යන්නේ මහාභාරකාර දෙපාර්තමේන්තුවට. රජමහා විහාරයට අයත් ඉඩම් කඩම්, පඬුරුවලින් අපි ඒවා ඉදිරිපත් කරලා තියෙනවා. මේ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගන්න ඕනේ මගේ රියැදුරාගෙන් නෙවෙයි, මගෙන්. මෙහි රියැදුරාගේ නමක්වත් නැහැ. හරියට පරීක්ෂා කර බැලුවේ නැතිව තමයි කැඳවලා තියෙන්නේ” යැයි උන්වහන්සේ පැවසූහ.
“මේ පුදබිම මගේ නෙමෙයි. මේවා ජාතික වස්තු. වරදක් කරලා තියෙනවා නම් මාව අත්අඩංගුවට ගන්න. කිසි ගැටලුවක් නැහැ. අද යූටියුබ්කරුවෝ කියන මතය අනුව තමයි පොලිසිය ක්‍රියාකරන්නේ” යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටියහ.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ ජනමාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියාසිටියේ පුද්ගලයකු විසින් අල්ලස් කොමිසමට ලිඛිතව කළ පැමිණිල්ලකට අනුව එහි විමර්ශන කටයුතු අනුරාධපුර පොලිසියට භාර දී ඇති අතර ඒ අනුව එම රියැදුරාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ රියැදුරු වන අසංක නමැත්තා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණි අවස්ථාවේ මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහ නීතිඥවරුන් ඇතුළු පිරිසක් අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඉදිරිපිට රැස්ව සිටියහ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart