
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව අතිශය තීරණාත්මක මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කරන වාණිජ නැව් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාර මාලාව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
මෙම ප්‍රහාර අහිංසක නාවිකයන්ගේ ජීවිත අනතුරේ හෙළන ප්රචණ්ඩ ක්‍රියාවන් බව ඉන්දියාව පෙන්වා දෙයි.
කලාපීය ආර්ථිකයට සහ ගෝලීය වෙළඳාමට බාධා පමුණුවන බැවින් වාණිජ නැව් සහ සිවිල් යටිතල පහසුකම්වලට පහරදීම වහාම නතර කළ යුතු බව ද ඉන්දියාව අවධාරණය කර තිබේ.
පවතින සතුරුකම් අවසන් කර, බටහිර ආසියාවේ (මැදපෙරදිග) සාමය සහ ස්ථාවරත්වය උදෙසා දෙපාර්ශවයම වහාම සාකච්ඡා මේසයට පැමිණිය යුතු බව ද ඉන්දියාව යෝජනා කරයි.
ගෝලීය නාවික මාර්ගවල නැව් ගමනාගමනය කිසිදු බාධාවකින් තොරව සහ ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර මුහුදු නීති සියලු දෙනා විසින්ම ගරු කළ යුතු බව ඉන්දියාවේ ස්ථාවරයයි.
මැදපෙරදිග කලාපය තුළ නැවත වරක් හිස ඔසවමින් පවතින මෙම යුධමය වාතාවරණය සහ මුහුදු මාර්ගවල අනාරක්ෂිතභාවය පිළිබඳව ඉන්දියාව සිය බලවත් කනස්සල්ල පළ කර සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart