April 20, 2023

මතභේදයට තුඩු දී ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ‘පුළුල්’ මහජන සහ පාර්ලිමේන්තු සාකච්ඡා පැවැත්විය යුතු බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිනිය මේ බව සඳහන් කර ඇත.

අද (20) පස්වරුවේ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකදී යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට පිටින් පවතින ඇතැම් කරුණු සම්බන්ධයෙන් පවතින ගැටළු සාකච්ඡා කළ බව තානාපතිනිය සිය අප්නිවිදයේ සඳහන් කර තිබේ.

“සිවිල් සමාජය, විද්වතුන් සහ නීති සම්පාදකයන් ඇතුළු සියලුම හඬවල්වල ප්‍රකාශනයේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායි මෙවලමක් ලෙස නීති සම්පාදනය කිරීම සහතික කිරීම සඳහා සළකා බැලීම වැදගත්” බව ඇයගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.