July 22, 2026

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේනගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රසම්පාන අංශය මඟින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද මරණයට කැපවූ ගවයකුට ජීවිත දානය ලබාදී නිදහස් කිරීමේ කටයුත්තක් අද(22) අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකර ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ‍යයේ සියලුම නිලධාරීන්ගේ දායකත්වය ඇතිව සිදුකරන ලද මෙම පුණ්‍ය කර්මය සඳහා අමාත්‍යාංශයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.