
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනවසර සීමාවේ මසුන් මැරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් විසින් නොවැම්බර් 18 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ තමිල්නාඩුවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ පදිංචි ධීවරයින් 22 දෙනෙකු ශ්‍රී ලංකා රජය විසින් නිදහස් කර තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් සතුව තිබූ යාත්‍රා දෙකද නිදහස් කර ඇති බව එරට බෝට්ටු ධීවර සංගමයේ සභාපති රායප්පන් නොවැම්බර් 19 වැනිදා රාමේෂ්වරම්හිදී ජනමාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
ඔහුට අනුව, ධීවර නියෝජිත පිරිසක් නොවැම්බර් 18 වැනිදා සවස ඉන්දීය මධ්‍යම රජයේ මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් හමුවී අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඇයව දැනුවත් කර ඇත.
ඇය නවදිල්ලියේ විදේශ කටයුතු ලේකම්වරයා සමඟත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟත් සාකච්ඡා කර ඉල්ලා ඇත්තේ ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙසයි.
ධීවරයන් 22දෙනා සහ එම යාත්‍රා දෙක නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය නියෝගයක් නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.
ඇමැතිවරියගේ මැදිහත්වීම පිළිබඳ ඔහු ස්තූතියද පළකළේය.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අත්අඩංගුවට ගත් ධීවරයින් ශ්‍රී ලංකා බලධාරීන් විසින්ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වෙත භාරදී නැවත නිවෙස් වෙත ගෙන එමින් සිටී.
“අපි අපේ පවුල් සමඟ මධ්‍යම රජයේ ඇමැතිවරිය හමුවීමට සැලසුම් කරනවා,” රායප්පන් වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart