
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අස්වැසුම සුබසාධන ගෙවීම සඳහා රුපියල් බිලියන 5 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකුවලට යොමු කර තිබේ.
එම මුදල් ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
අස්වැසුම ප්රතිලාභ අයදුම්කළ පිරිසෙන් තොරතුරු තහවුරු කර ගත් ලක්ෂ 8 කට පළමු අදියරේ දී ජුලි මාසයේ ප්රතිලාභ මුදල් හිමිවනු ඇත.
ලක්ෂ 15 කට වැඩි පිරිසක් මේ සඳහා මුලදී අයදුම්පත් යොමු කර තිබූ අතර අභියාචනා යොමු කිරීමේ ක්‍රියාවලියේ දී ද යම් යම් ගැටලු මතුවීම නිසා එම කටයුතු දිනෙන් දින ප්‍රමාද විය.
අඩු ආදායම් ලාභීන් බොහෝ දෙනෙකු ප්‍රකාශ කළේ සුභසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා තමන් ඇතුළත් කිරීමේ දී ගැටළු සහගත ක්‍රමවේදයන් පැවති බවය.
කෙසේ වෙතත් අනතුරුව සුබසාධන ඉල්ලුම් කිරීම සඳහා තවත් වටයක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එහෙත් මෙතෙක් ඒ සඳහා පැහැදිලි දිනයක් ප්‍රකාශ කර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart