
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ දස්කම් දක්වන ක්රීඩකයන්ගේ නම් එක්කරන ගෞරවනීය නාමපුරුවට සිය නම එක්කර ගැනීමට ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක අසිත ප්රනාන්දු ඊයේ සමත් විය.
2014 වසරේ සිට තරගයකදී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවාගැනීමට සමත්වන පන්දු යවන්නන්ගේ නම් ගෞරවනීය නාම පුවරුවට එක්කරන අතර, ඒ අනුව අසිත එම පුවරුවට නම එක්කළ පළමු ශ්රී ලාංකික පන්දු යවන්නා බවට පත්විය.
මේ තරගයේදී ලකුණු 102කට සිය කඩුලු 5 බිඳ දැමීමට අසිත සමත් වූ අතර, ඔලී පෝප්, හැරී බෘෘක්, ගස් ඇට්කින්සන්, මැතිව් පොට්ස් සහ ඔලි ස්ටොන් අසිතගේ පන්දු හමුවේ දැවීගියේය.
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තරගයකදී කඩුලු 5ක් බිඳ හෙළූ දෙවැනි ශ්රී ලාංකික පන්දු යවන්නා අසිත ප්රනාන්දු වන අතර, ඔහුට පෙර 1991 වසරේදී රුමේෂ් රත්නායක ලකුණු 69කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්ව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart