
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින ගැටුම් හේතුවෙන් යුරෝපයට පියාසර කරන සහ යුරෝපයෙන් පැමිණෙන ගුවන් යානා නැවත හරවා යැවීම හෝ අවලංගු කරන බව ආසියානු ගුවන් සමාගම් කිහිපයක් නිවේදනය කර තිබේ.
ඉන්දියාව අද අලුයම පාකිස්තානයට සහ පාකිස්තානයට අයත් කාශ්මීර ප්‍රදේශවලට පහරදුන් අතර පාකිස්තානය පැවසුවේ එම සටනේදී ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා පහක් බිම හෙළූ බවයි.
‘ඔපරේෂන් සින්දූර්’ යටතේ ක්‍රියාත්මක කළ මෙම ප්‍රහාර මාලාවට ඉන්දියාවේ යුද, ගුවන් සහ නාවික යන ත්‍රිවිධ හමුදාවම සහභාගී වී ඇති අතර ඉන්දියාව එලෙස පාකිස්තානයට ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත්තේ 1971 වසරෙන් පසුව බව ද වාර්තා වේ.
මේ අතර, ආරක්‍ෂිත හේතූන් මත ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම් හේතුවෙන් ගුවන් කලාපයට බලපෑම් එල්ල වීම වළක්වා ගැනීම සඳහා යුරෝපයට සහ යුරෝපයෙන් පිටතට සිදුකරන ගුවන් ගමන් වෙනස් කරන බව තායිවානයේ EVA එයාර් සමාගම ප්‍රකාශ කර තිබේ.
කොරියන් එයාර් සමාගම ප්‍රකාශ කළේ, සෝල් ඉන්චියොන් සිට ඩුබායි දක්වා සිදුකරන ගුවන් ගමන් නැවත හරවා යැවීම ආරම්භ කළ බවයි.
පාකිස්තාන ගුවන් සීමාව හරහා සැලසුම් කර තිබූ පෙර ගමන් මාර්ගය වෙනුවට මියන්මාරය, බංග්ලාදේශය සහ ඉන්දියාව හරහා ගමන් කරන දකුණු මාර්ගයක් තෝරාගෙන ඇති බවත් එම සමාගම පවසයි.
තායි එයාර්වේස් ප්‍රකාශ කළේ, යුරෝපයේ සහ දකුණු ආසියාවේ ගමනාන්ත වෙත සිදුකෙරෙන ගුවන් ගමන් බදාදා උදෑසන සිට නැවත හරවා යවන බවත්, ඇතැම් ගුවන් ගමන් ප්‍රමාද වනු ඇති බවත්ය.
මේ අතර තායිවානයේ චයිනා එයාර්ලයින්ස් කියාසිටියේ, ගුවන් ගමන් සඳහා හදිසි සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව සහ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පියවර මාලාවක් ගෙන ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart