
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැප්තැම්බර් 02 වැනිදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගනයේ පැවැත්වෙන බොහෝදෙනා අපේක්ෂා කළ ඉන්දු-පාකිස්ථාන ආසියානු කුසලාන තරගයේ ප්රවේශපත්ර සුළු වේලාවකදී විකිණී අවසන්ව තිබේ.
ආසියානු කුසලාන තරඟාවලියේ ප්රවේශපත්ර ඊයේ පස්වරුවේ අලෙවි කෙරුණු අතර, අපේක්ෂා කළ පරිදි ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරඟ තුනෙන් පළමු තරඟයට වැඩිම උනන්දුවක් ඇති විය.
ප්රධාන මණ්ඩපයේ සහ එහි ආසන හතරේ කොටසේ ප්රවේශපත්ර සැළකිව යුතු ලෙස ඉහළ අගයක් තිබියදීත් විකිණී අවසන්ව තිබේ.
ප්රධාන මණ්ඩපයේ(Grand Stand) ටිකට්පත් රුපියල් 96,000ක මිලකට අලෙවි කෙරුණු අතර, “A” සහ “B” කොටස්වල මිල රුපියල් 40,000 ක් ලෙස සටහන්ව පැවතිණි.
ඉතිරිව ඇත්තේ තණකොළ සහිත ආසන රහිත නැරඹුම් ප්රදේශයේ ටිකට්පත් පමණක් වන අතර, එහි ටිකට් පතක අගය රුපියල් 9,600ක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart