
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනප්‍රිය යූ ටියුබ්කරුවකු වන අශේන් සේනාරත්න පවසයි.
සමාජ මාධ්‍ය වීඩියෝවක් මගින් ඔහු සිය කලකිරීම ප්‍රකාශ කළේ වැරදි පුද්ගලයකු නාමයෝජනා පත්‍ර භාරදුන් බව පවසමින් කොමිසම එය ප්‍රතික්ෂේප කළ බවයි.
එම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව සේනාරත්න පවසයි.
තමන් කණ්ඩායමේ නායකයා ලෙස පැමිණ සිටි අතර තමාට එළිමහනේ රැඳී සිටින ලෙස ද දැනුම්දුන් නිසා එසේ සිටියදී වෙනත් අපේක්ෂකයකුට නාමයෝජනා පතර භාරදීමට සිදුව ඇති බවයි.
නාමයෝජනා භාරදීමට බලය ඇත්තේ කුමන පුද්ගලයන්ටද යන්න මැතිවරණ පනතේ සඳහන් වන බව මැතිවරණ කොමිසම යළිත් අවධාරණය කර තිබේ.
මෙයට අනුකූල වීමට අපොහොසත් වීම නුසුදුස්සෙකු වීමට හේතුවක් බව මැතිවරණ කොමිසම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart