
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැගෙනහිර පළාතේ සහ විශේෂයෙන් ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්‍ෂාව පිළිබඳ සොයාබැලීමට ආරක්‍ෂක ලේකම්වරයා අද (නොවැ.10) දින එහි සංචාරයක නිරත විය.
අද දින සිදුකළ සංචාරයේදී ප්‍රදේශයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳ අවධානයට ලක් වූ අතර, ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් විසින් දැනට එහි ක්‍රියාත්මක ආරක්‍ෂක සැලැස්ම පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කරනු ලැබීය.
ඒ අනුව, එළඹි නිගමනයන්ට අදාළව ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් පවත්වා ගැනීමට මෙන්ම, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද සංචාරක ආකර්ෂණීය ස්ථාන වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා විසින් අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.
තවද, සංචාරකයන්ගේ නිදහසට බාධා නොවන පරිදි හා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව පිළිබඳ ඔවුන් තුල විශ්වාසය ගොඩනැගෙන පරිදි කටයුතු කලයුතු බවද අවධාරණය කර තිබේ.
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart