
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘ගෝඨාගෝගම’ අරගලයට සහාය දුන් බව කියමින් නීතිඥ නුවන් බෝපගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සති 03ක කාලයක් තුළ අධිකරණයට උත්තර බඳින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට සහ හමුදාපතිවරයාට ඊයේ (24) නියම කළේය.
‘ගෝඨාගෝගම’ අරගලය අවසන්වීමෙන් පසු අවස්ථාවකදී නීතියට පටහැනි ආකාරයට තමන් අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 05 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා නීතිඥ නුවන් බෝපගේ ගොනුකර ඇති පෙත්සම කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රවින්දු වික්‍රම කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, අචල වෙන්ගප්පුලි සහ ශිරාන් ගුණරත්න යන අයගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
නීතිඥ නුවන් බෝපගේ ගොනුකර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, හමුදාපතිවරයා, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා, මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටියි.
නීතිඥ නුවන් බෝපගේ ගොනු කරතිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ ‘ගෝඨාගෝගම’ අරගලය අවසන්වීමෙන් පසු 2023 ජූලි 24 වැනිදා නීතියට පටහැනි අන්දමට තමන් අත්අඩංගුවට ගත් බව සඳහන් කර ඇත.
නීතියට පටහැනිව අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරන නීතිඥ නුවන් බෝපගේ ඒ වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 05ක වන්දි මුදලක් අයකර දෙන්නැයි ඉල්ලා සිටී.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ග්‍රවින්ද්‍ර වික්‍රම කරුණු දක්වමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් උත්තර බැඳීමට කල් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා අවසර දුන් අධිකරණය පෙත්සම දෙසැම්බර් 13 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
පෙත්සම්කාර නීතිඥ නුවන් බෝපගේ වෙනුවෙන් රම්මි භාෂා නීතිඥ සමාගම උපදෙස් පරිදි නීතිඥ හිජාප් හිස්බුල්ලා පෙනීසිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රවින්ද්‍ර වික්‍රම පෙනීසිටියේය. (ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart