
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාවය ප්‍රවර්ධනය කරමින් දෙරට අතර යුද්ධ හමුදාවන් ඒකාබද්ධව පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට සහභාගීවීම සඳහා නිලධාරීන් 29 දෙනෙක් සහ සෙසු නිලයන් 94 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් බදදා( නොවැම්බර් මස 15) දින සන්ධ්‍යාවේ ඉන්දියාව බලා පිටත්ව ගියහ.
‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය අද (16) දින ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ පිහිටි ඉන්දීය යුද්ධ හමුදා 330 පාබල බලසේනා මූලස්ථානයේදී ආරම්භ වන අතර 2023 නොවැම්බර් මස 29 වැනිදා දක්වා පැවැත්වේ.
මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගි වන භටපිරිස්වලට දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම, යුද සහයෝගීතාවය, ඒකාබද්ධ මෙහෙයුම් පැවැත්වීම, දෙරට අතර යුද අත්දැකීම් හුවමාරු කරගැනීම, අන්තර්ජාතික යුද ගැටලු පිළිබඳ අවබෝධය හා අනාගතයේදි සිදුවිය හැකි ආරක්‍ෂක අභියෝගයන් සඳහා සූදානම්විමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම යුද අභ්‍යාසය 2012 වර්ෂයේ සිට පැවැත්වෙයි.
යුද අභ්‍යාස මාලාවේ 09වැනි අභ්‍යාසය වශයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය තුළින් විශේෂයෙන්ම කැරලි මර්දන සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පසුබිමක ක්‍රියාන්විත සිදුකිරීමේදී අවශ්‍ය විශේෂඥ දැනුම ප්‍රවර්ධනය කිරීම සිදුකරනු ලබයි.
අවි පුහුණුව, මූලික යුද උපක්‍රම සහ සංකීර්ණ සටන් උපායමාර්ගයන් ද මෙම යුද අභ්‍යාසයට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart