
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණමඩුව, පරමාකන්ද හන්දිය අසලදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් යුද හමුදා කෝප්රල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව, උරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි හමුදා සෙබළෙකි.
ත්‍රිකුණාමලයේ පැවැති දීර්ඝ කාලීන හමුදා පුහුණු වැඩසටහනක් අවසන් කර ඊයේ දිනයේ නිවසට පැමිණ ඇති මෙම කෝප්‍රල්වරයා, අද දින නැවත සේවයට වාර්තා කිරීමට නියමිතව සිටි බව පොලිසිය පවසයි.
තම දියණියන් දෙදෙනා යතුරුපැදියෙන් පාසලට ඇරලවා නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත.
පුත්තලම ඩිපෝවට අයත් බස් රථයක් පුත්තලම සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබියදී රියදුරුට බස් රථයේ පාලනය ගිලිහී යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
යතුරුපැදියේ ගැටීමෙන් අනතුරුව බස් රථය මීටර් 100 කට ආසන්න දුරක් ධාවනය වී නතර වී ඇති බව ද වාර්තා වේ.
අනතුරින් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, කෝප්‍රල්වරයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබේ.
මියගිය අයගේ එක් දියණියක මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart