
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවීන ආර්ථිකයක අවශ්‍යතා සපුරාලීම සඳහා මාස තුනක් ඇතුළත බංකොලොත්භාවය සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලය පසුගිය සඳුදා අනුමැතිය ලබාදී ඇත.
බංකොලොත්භාවය පිළිබඳ නව සහ සවිස්තරාත්මක නීතියක් හඳුන්වාදීමේ අරමුණ වන්නේ මූල්‍ය දුෂ්කරතා පවතින කාලවලදී පුද්ගලයන්, කුඩා ව්‍යාපාර සහ සමාගම් මුහුණදෙන සංකීර්ණතා හා අභියෝග වඩාත් හොඳින් ආමන්ත්‍රණය කරන නීතිමය රාමුවක් සැපැයීමයි.
අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීමටත්, මූලික නීති කෙටුම්පත් කිරීමටත්, මාස තුනක් ඇතුළත එය ඉදිරිපත් කිරීමටත් මෙම යෝජනාව ඔස්සේ නීති කොමිෂන් සභාවට බලය පවරා ඇත.
1853 බංකොලොත් ආඥා පනතේ සහ 2007 අංක 7 දරන සමාගම් පනතේ අඩංගු වත්මන් විධිවිධාන, පාරිභෝගික බංකොලොත්භාවය, සංස්ථාපිත නොවන කුඩා ව්‍යාපාර බංකොලොත්භාවය සහ සමාගම් බංකොලොත්භාවය අනුව වර්තමාන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව රජයේ අදහස වී තිබේ.
එමනිසා, පවතින නීති ඒකාබද්ධ කිරීම සහ යාවත්කාලීන කිරීම මගින්, අදාළ සියලුම පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කරමින්, බංකොලොත් බව පිළිබඳ නඩු විසඳීමට සහාය වන, වඩාත් කාර්යක්ෂම හා ඵලදායී පද්ධතියක් නිර්මාණය කිරීමට රජය මෙම නව නිතිය ඔස්සේ අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart