
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාට එල්ල වූ මරණ තර්ජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් තෙලිප්පලේ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
වලිකාමම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඇතුළු කිහිපදෙනකු දුරකථනය ඔස්සේ මෙලෙස මරණීය තර්ජනය කළ බව ඔහු සඳහන් කර ඇත.
පොලිසිය පවසන්නේ මන්ත්‍රීවරයා මල්ලාකම් , කන්කසන්තරය පාර අංක 80/14 ලිපිනයේ පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යන බවයි.
මන්ත්‍රීවරයා හෝ ඥාතියකුහෝ පිටස්තර කිසිවකු හෝ එම ස්ථානයේ පදිංචිව නොමැති බවත් මන්ත්‍රීවරයා මීසාලේ උතුර, කොඩිකාමම් ප්‍රදේශයේ ස්ථිර පදිංචිව සිටින බවත් පොලිසිය සඳහන් කරයි.
ඒ හේතුවෙන් එම කාර්යාලයට පොලිස් ආරක්ෂාව ද ලබා දී ඇත.
පොලිසිය පවසන පරිදි පෙරේදා (24)මන්ත්‍රීවරයාට මරණ තර්ජන සිදුකරමින් දුරකථන අංක දෙකකින් ඇමතුම් ලැබුණු බවට 119 ඇමතුම් මධ්‍යස්ථානය මගින් තෙලිප්පලේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.
එම පණිවිඩය අනුව ස්ථානාධිපතිවරයා මල්ලාකම්, කන්කසන්තරය පාර පක්ෂ කාර්යාලයට ගොස් පරීක්ෂා කිරීමේදී කිසිවෙක් එහි නොසිටි බැවින් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික දුරකථන අංකයට ඇමතුමක් ගෙන විමසීමේදී ඔහු කොළඹ සිට යාපනයට පැමිණෙමින් සිටින බවත් පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන බවත් ප්‍රකාශකර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පොලිසියට පැමිණි මන්ත්‍රීවරයා වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනකුගේ නම් සහ විස්තර හා තවත් පුද්ගලයන් දෙදෙනකු දුරකථනය ඔස්සේ තමාට මරණ තර්ජනය කළ බවට ප්‍රකාශයක් ලබාදුන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart