
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් විසින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට වාර්තාවක් ගොනුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ඊයේ(25)නියෝග කළේය.
රාජකාරියේ නිරතව සිටි කොටුව පොලීසියේ නිලධාරියකුගේ රාජකාරියට පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් බලපෑම් කළ බවට මෝසමක් ගොනුකරමින් පොලීසිය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කරනු ලැබීය.
කොටුව පොලීසියට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකුට බලහත්කාරකම් පෑම හා මෝටර් රථ ආඥා පනතේ නීති උල්ලංඝනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇතැයි බී වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
එම සිදුවීම වූ ස්ථානයේ සිද්ධිය පිළිබඳව සංස්කරණය නොකළ වීඩියෝපට ලබාගැනීම සඳහා අදාළ රූපවාහිනී මාධ්‍යවලට නියෝගයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අවසර ලබා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart