
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට බැණවැඳීම හේතුවෙන්, ඉන් දින කිහිපයකට පසු ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇතැයි, බුද්ධ ශාසන ඇමැති විදුර වික්‍රමනායක පවසයි.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යවා ඇති බවත්, එම ලිපියේ පිටපතක් තමා වෙතද එවා ඇති බවත්, ඇමැතිවරයා සඳහන් කරයි.
පුරාවිද්‍යා භූමියකට ඉඩම් ලබාදීමේ ගැටලුවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බැනවැදී ඇත.
“ඔයා හදන්නෙ මට ඉතිහාසෙ උගන්නන්නද? නැත්තම් මම ඔයාට උගන්නනවද?” යනුවෙන් අදාළ සංවාදයේදී ජනාධිපතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ඇත.
ජනාධිපතිවරයා සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම සංවාදය සිදුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart