
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආයෝජකයන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව පක්ෂ දේශපාලනය පසෙකලා කටයුතු කළ යුතු කාලය එළඹ ඇතැයි ව්‍යාපාරික සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා සඳහන් කරයි.
ආයෝජකයන්ට ප්රතිපත්තිවල විනිවිදභාවය, විශ්වාසය සහ ස්ථාවරත්වය දැකීමට අවශ්‍ය යැයිද, ශ්‍රී ලංකාවේ ආයෝජන වාතාවරණය පිළිබඳ අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් අරවින්ද ද සිල්වා සඳහන් කර ඇත.
රට හැරගිය පුද්ගලයන් ආපසු පැමිණ තම රටට ලබාදෙන සේවාව පිළිබඳව ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉගෙනගත යුතු බව ද අරවින්ද ද සිල්වා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවට සාර්ථක වීමට නම් රටේ සියලුම දේශපාලන පක්ෂවල සහ ජනතාවගේ සහාය ලැබිය යුතු එක් ප්‍රතිපත්තියක් තිබිය යුතු බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, රට නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) අත්සන් කිරීමට අපේක්ෂා කරන විට පක්ෂ දේශපාලනය හේතුවෙන් ප්‍රගතිය ඇනහිට ඇති බව ඔහු පවසා තිබේ.
පක්ෂ දේශපාලනය පසෙකින් තබා රට දියුණු කිරීමට එක් ආණ්ඩුවකට සහයෝගය දිය යුතු බව ඔහු සඳහන් කරයි.
එමෙන්ම පාලකයන්ට පාලනය කිරීමට රටක් තිබිය යුතු බවත්, ඒ සඳහා පළමුව ස්ථාවර රටක් අවශ්‍ය බව සියලු දේශපාලන පක්ෂ තේරුම් ගත යුතු බවත්, හෙතෙම පවසා ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ සත්කාරකත්වය දැරුවේ නම් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් අවම වශයෙන් ඩොලර් මිලියන 05ක් උපයා ගැනීමට හැකිව තිබූ බව ද ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකාව තමන්ට ලැබෙන අවස්ථාවන්හි ප්රතිලාභ තේරුම් ගත යුතු බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart