
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පැවැත්විණි.
එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළහ.
ඒ අනුව වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක්ද පොලිසිය විසින් අදිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණකරුගේ ශරීරයෙන් ලබාගත් ලේ සාම්පල් දෙකක් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියහ.
එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනයේ මුරපදය වශයෙන් ඔහුගේ මුහුණ සටහන්ව ඇති නිසා එය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත්, එම නිසා අදාළ ජංගම දුරකථනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයට යොමු කර විවෘත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියහ.
එමෙන්ම අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙළ බැඳි පටිය රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකර තිබේදැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේය.
එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, එය රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකරන බවත් පොලිසිය සඳහන් කළේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අමතමින්” සිද්ධිය වූ ස්ථානයේ ඖෂධ වගයක් තිබුණා. ඒ වගේම කඩදාසියක එතූ හඳුනානොගත් බෙහෙත් වගේකුත් තිබුණා. ඒවා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කළාද?” යනුවෙන් විමසුවේය.
ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයට නිලධාරීන් පැවසුවේ, එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමුකළ බවයි.
ඉන් අනතුරුව මෙම ඖෂධ මෝසමක් මාර්ගයෙන් රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකිරීමට ඉල්ලීමක් කරන බවත් පොලිසිය පැවසුවේය.
ඒ අනුව පොලිසිය විසින් කළ ඉල්ලීම් වලට අධිකරණය විසින් අවසර ලබාදුන්නේය.
ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ මෙහෙයවීම යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.
එහිදී අරවින්ද සිල්වා විසින් කපිල චන්ද්‍රසේනට ඇප නියම කිරීමෙන් පසුව ඇපකරුවන් ඉදිරිපත් කර ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කරගත් ආකාරය විස්තර කළේය.
“මියගිය කපිල චන්ද්‍රසේන මගේ බිරිඳගේ නැගණියගේ ස්වාමියා. ඔහු බාන්ස් ප්‍රදේශයේ තනියමයි පදිංචිව සිටියේ. නිවසේ මෙහෙකරුවන් හිටියා. බන්ධනාගාරගත වුණාට පස්සේ මම කපිලව කීපවතාවක් ගිහින් බන්ධනාගාරයේදී හමුවුණා. ඇප තැබීමෙන් පසුව මම මගේ කාර්යාලයේ සේවය කරන ගනේෂ් නමැත්තාට කිව්වා කපිලව ගිහින් ගෙදර එක්ක එන්න කියලා. ඒ වගේම වයිෆ්ට මම කතා කරලා කිව්වා දවස් ගණනාවක් හරියට කෑමක් නැති නිසා මොනවා හරි කන්න හදලා දෙන්න කියලා. පස්සේ මම ගෙදර යනකොට කපිල ඇවිල්ලා හිටියා. මට කිව්වා “මහන්සියි වොෂ් එකක් ගන්න ඕන කියල” පස්සේ එයාගේ ගෙදරට ගියා.” යනුවෙන් පැවසුවේය.
වැඩිදුරටත් සාක්ෂි දුන් අරවින්ද ද සිල්වා “පසුව මැයි මස 07 වැනිදා උදේ මට කතාකළා.” මම අමාරුවේ වැටුණු වෙලාවේ කවුරුත් හිටියේ නෑ. ඔයාලා විතරයි හිටියේ. ස්තූති කළා. විනාඩි දහයක් පහළොවක් කතා කළා. දවල් වෙද්දී මට මැසේජ් කීපයක් ආවා කපිලට ප්‍රශ්නයක් කියලා. පස්සේ මමත් කපිලට කතා කරලා ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ආයේ උසාවි කේස් එකක් තියෙනවා කියලා එයා කිව්වා. මම කපිලට ගෙදර එන්න කිව්වා. ලෝයර්ට කතාකරමු කියලා මම කිව්වා. මම ඔෆිස් එකේ ඉඳලා ගෙදර එනකොට කපිල ඇවිල්ලා හිටියා. අපි ලෝයර්ට කතාකළා. ලෝයර් කිව්වා විස්තර හරියට දැනගන්න ඕන කියලා. ඊට පස්සේ අපි කපිලව ගෙදර තියලා මමයි නෝනයි කපිලට ඇප තියපු සියලුදෙනයි රියන්සි සර් හම්බවෙන්න ගියා. රියන්සි සර් කිව්වා කපිලව හෙට උදේ උසාවියට ඉදිරිපත් කරන්න ඕන. නීතිඥවරයෙක්ව එවන්නම් කියලා කිව්වා. ඒ අනුව රාත්‍රි 11ට පමණ නීතිඥ ප්‍රියන්ත කතාකළා. කතා කරලා කිව්වා හෙට උදෙන්ම කපිලව උසාවි එක්ක යන්න එනවා කියල. පසුව ඇඳුම් ගන්ඩ කපිල එයාගේ ගෙදරට යන්න ඕන කිව්වා. මම කිව්වා රෑ වෙලා නිසා දැන් යන්න එපා කාවහරි යවලා ගෙන්නගමු කියලා. ඒ අනුව කපිල එයාගේ ගෙදර වැඩකරන අයට කතා කරලා කිව්වා බෙහෙත්, ඇඳුම් සහ ජිම් මැට් එකක් එවන්න කියලා. මම එයාගෙන් ඇහුවා මොකද මචං ජිම් යන්නද හදන්නේ කියලා. එතකොට එයා කිව්වා ඇඳුම් එල්ල ගන්න ඒක ඕනේ කියලා. පස්සේ මගේ ඩ්‍රයිවර්ලා කපිලගේ ගෙදරට ගිහිල්ලා ඒ බඩු ටික අරන් ඇවිත් අපේ ගෙදර මේස උඩ තිබ්බා. පස්සේ මම කපිලව කාමරය පෙන්නුවා. ඒ සී එකක් දාලා දුන්නා. ඒ වෙලාවේ කපිල නිතරම කිව්වේ එළියට ඇවිල්ල දවසයි. මාව ආයෙත් දාන්න හදනවා කියලා. මම කිව්වා වොරි වෙන්න එපා. රිලැක්ස් කරන්න. හෙට උදේ එන දේකට මුහුණදෙමු කියලා. ඊට පස්සේ මම මගේ කාමරයට ගියා. එතකොට රෑ 12.30 විතර ඇති” යනුවෙන් කියාසිටියේය.
ඉන්පසුව වැඩි දුරටත් සාක්ෂි දුන් අරවින්ද ද සිල්වා” පසුදා උදේ හතට පමණ මගේ ටෙලිෆෝන් එක නාදවුණා. ලෝයර් ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. මම ඉන්න කිව්වා. පස්සෙ ෆයිෆ්ට කිව්වා ලෝයර්ට තේ එකක් හදලා දෙන්න කියලා. පස්සේ මම කපිලට ටෙලිෆෝන් එකෙන් කතා කළා. ආන්සර් කළේ නෑ. පස්සේ මම කාමරයේ දොරට තට්ටු කළා. response එකක් නැති නිසා අනිත් කාමරයෙන් ඇවිල්ලා බාත්රූම් එකට තට්ටු කළා. පස්සේ මම ඔෆිස් යන්න ලෑස්ති වුණා. වයිෆ්ට කිව්වා කපිලට ඉක්මණට උසාවි යන්න සූදානම් වෙන්න කියන්න කියලා. පස්සේ කපිලගේ කාමරයේ දොරට තට්ටු කරලා response එකක් නැති නිසා මාස්ටර් කී එක යොදාගෙන කාමරයේ දොර විවෘත කළා. ඒ වෙලාවේ තමයි වයිෆ් සහ ලෝයර් මේක දැකලා තිබෙන්නේ. මම ඒ ස්ථානයට ගියේ නෑ. බය නිසා මම පහළට ගියා. පස්සේ ඩර්ඩන්ස් රෝහලට කතාකළා. කොල්ලුපිටිය පොලිසියේ ඕ.අයි.සී ටත් මම කතා කළා. කපිල කාමරයේ සිහි නැතිව ඉන්නවා කියලා කිව්වා. පස්සේ ඇම්බියුලන්ස් එකෙන් ඇවිල්ලා වෛද්‍යවරු පරික්ෂා කළා. එයා මැරිලා කියලා කිව්වා”යනුවෙන් කියාසිටියේය.
මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අරවින් ද සිල්වා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සැකයක් තිබෙනවාදැයි විමසුවේය.
ඊට පිළිතුරු දුන් අරවින්ද ද සිල්වා “මම කොහොමද සැක කරන්නේ. එයා නිදා හිටියේ කාමරේ” යනුවෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව අරවින් ද සිල්වා මහතාගේ සාක්ෂි සටහන් කරගැනීම අවසන් විය.
ඉන්පසුව අරවින්ද ද සිල්වාගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් “කපිල චන්ද්‍රසේන විවාහ වුණේ මගේ නැගණිය සමඟ. විවාහ වී වසර 24 ක් පමණ වෙනවා. මගේ නැගණිය දැන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. කපිල තනිවම මෙහි ජීවත් වුණා. කපිල නිතරම අපි ගෙදරට යන එන කෙනෙක් නෙවෙයි. අවුරුදු දහයකට හතර සැරයක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇප ලැබුණට පස්සේ කපිල දවල් අපේ ගෙදර ආවා. මම ආහාර ලබාදුන්නා. වෝටර් මෙලන් ජූස් දෙකක් බිව්වා. ලම්ප් රයිස් බත් පැකට් එකක් දුන්නා. කිරි කෝපි එකක් හදලා දුන්නා. එතකොට දවල් 2.00 ට විතර ඇති. ඊට පස්සේ එයාගේ ගෙදරට ගියා.” යනුවෙන් පැවසුවා.
වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකාරිය ” පසුදා සවස ආයේ කපිල අපේ ගෙදර ආවා. මගේ ස්වාමිපුරුෂයා අරවින්ද කිව්වා ලෝයර්ලා හම්බවෙන්න යන්න ලෑස්ති වෙන්න කියලා. අපි රාත්‍රී 7.00 පමණ ලෝයර් හම්බෙන්න ගියා. රෑ වෙලා නිසා එනකොට කෑමත් අරගෙනයි ආවේ. කපිල උඩ තට්ටුවේ හිටියා. කපිල අපේ නිවසට ආවට පස්සේ කවුරුත් අපේ නිවසට ආවේ නෑ. රාත්‍රී 11.00 ට පමණ මම පුතා එක්ක නින්දට ගියා. කපිල හිටියේ ලොකු පුතාගේ කාමරේ. පසුදා උදේ හතරට පමණ මම අවදි වුණා. අරවින්ද කතා කරලා කිව්වා ලෝයර් ඇවිල්ලා ඉන්නවා තේ එකක් හදලා දෙන්න කියලා. පස්සේ කපිල ආවේ නෑ. මම ලෝයර් එක්ක ගිහිල්ලා කාමරේ තට්ටු කලා. දොර ඇරියේ නෑ. පස්සේ මාස්ටර් කී එක අරන් ඇවිල්ලා මම දොර ඇරියා. දොර ඇරලා අඩියයි තිබ්බේ. ඇඳේ කවුරුත් හිටියේ නෑ. පුටුව බාත්රූම් එක පැත්තට හරවලා තිබුණා. ලෝයර් කිව්වා එළියට යමු කියල. පස්සේ hospital එකට කෝල් කලා. ඇම්බියුලන්ස් එකෙන් ඇවිල්ල ඩොක්ටර් පරීක්ෂා කලා. පසුව තමයි දැනගත්තේ මැරිලා කියලා.” යනුවෙන් කියා සිටියා.
පොලිසිය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් තමන් තුළ සැකයක් නොමැති බවයි.
තමා මරණකරු හඳුනාගත් බවත් සාක්ෂිකාරිය වැඩි දුරටත් සඳහන් කළාය.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 14 වන දා දක්වා කල් තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart