
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණවල ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය ඉක්මනින් අවසන් කරගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයන් සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස තමා යෝජනා කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇත්තේ අධිකරණවල පවතින නඩු ගොඩගැසීමට විසඳුමක් ලෙස බවට රජය ප්‍රකාශ කර ඇති බවයි.
අධිකරණවල දැනට නඩු මිලියන 1.1ක් (ලක්ෂ 11ක්) විභාගයට නොගෙන පවතින බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇති බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී මතක් කර දුන්නේය.
එබැවින්, මෙලෙස විශාල වශයෙන් ගොඩගැසී ඇති නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සොයාබැලීමට තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලමින් රජයට යෝජනාවක් භාරදෙන ලෙස තමා විපක්ෂ නායකවරයාට දැනුම් දුන් බව රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart