
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස අභිබවා ගොස් මේ වසර අගදී ප්‍රධාන විපක්ෂයේ නායකයා වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාසය පළකළේය.
මහියංගනය ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ කියාසිටියේ තම හිටපු දේශපාලන ගෝලයා විපක්ෂ නායකවරයා ලෙස කළ යුතුකම් පැහැර හැර ඇති බවත්, එමගින් සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස සිය ස්ථාවරය පවත්වාගෙන යෑමට අපොහොසත් වී ඇති බවත්ය.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේත් ප්‍රධාන විපක්ෂය වුණේ මගේ පක්ෂය. අතීතයේ තිබුණේ දෙපැත්තේ සටනක් පමණයි. පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂයෙන් එක් ප්‍රධාන අපේක්ෂකයෙක් සහ ආණ්ඩු පක්ෂයෙන් එක් අපේක්ෂකයෙක් පමණයි සිටියේ. නමුත් මේ වසරේ ජනාධිපතිවරණයට විපක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු සිටින නිසා අද එය වෙනස් වී තිබෙනවා,” වික්‍රමසිංහ මහතා පැවසීය.
“ඔවුන් අනුර සහ සජිත්. බොහෝ දුරට අනුර සජිත් පරද්දන්න ඉඩ තියෙනවා” යැයි වික්‍රමසිංහ වැඩිදුරටත් කියාසිටියේ මෙවර ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයා තමා බව හඟවමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart