
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් විසින් අද දින සිදුකරනු ලබන ආරාධනය පිළිගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කිරීම සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචාරය ලෙස නවදිල්ලියට යනු ඇති බව වාර්තා වේ.
සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් දිසානායක ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු හමුවීමට පැමිණෙන පළමු ඉහළ පෙළේ විදේශීය ප්‍රභූවරයා වන්නේ ජයිශංකර්ය.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාවේ ‘අසල්වැසියාට පළමු තැන’ ප්‍රතිපත්තිය සහ සාගර් ඉදිරි දැක්මට අනුකූලව, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දෙරටේ දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට කැපවීම ජයිශංකර්ගේ සංචාරය මගින් අවධාරණය කරන බවයි.
මෙම සංචාරයේදී ජයිශංකර් ඉන්දීය අරමුදල් සපයන මෙරට ව්‍යාපෘති සහ එහි ඉදිරි ගමන පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර පත්වූ ජනාධිපතිවරුන්ට සේම ජනාධිපති දිසානායක වෙත ද නවදිල්ලි නුවරට පැමිණීම සඳහා නිල ආරාධනයක් ජයිශංකර් විසින් ලබා දෙනු ඇත.
දිසානායක ජනාධිපතිවරයා ද ප්‍රථමයෙන් නවදිල්ලි නුවරට පැමිණ පසුගිය ජනාධිපතිවරුන්ගේ මෙම සම්මතය රකිනු ඇති බව දැනගන්නට ඇත.
දින නියම කර නැතත් ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුව සිදුවනු ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart