August 12, 2024

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදීයි ඔහු නාමයෝජනා අත්සන් කළේය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාන් අබේසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන අය එක්ව සිටියහ.